(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ලියාපදිංචි නොකරන ලද සුඛෝභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය සහ නීතිී විරෝධී දුම් වැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කෙසෙල්වත්ත බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරු සමඟ රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 25 ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම් වැටි 1000 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 12500 ක් හා ප්‍රවාහනට යොදාගත් සුඛෝභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක් කුලියපදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.