සීනි වංචාවට තවත් විමර්ශන


(සුජිත් හේවාජූලිගේ)

සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙන වෙනම විමර්ශන අරඹා ඇත.

ලැබුණු පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ඇරඹූ බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙක් කීය.

මේ පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට නුදුරේම බාර දෙන බව ද විගණකාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.