සීනි ගැටළුවට වෝහාරික විගණනයක් ඉල්ලයි


(දයාසීලි ලියනගේ)

ආනයනික සීනි  සඳහා කිලෝවකට ශත 25  ක බද්දක් අය කිරීම නිසා  රජයට සිදු වූ පාඩුව පිළිබඳ වෝහාරික විගණනයක් කරන ලෙස  ජාතික සමගි පෙරමුණ  මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වන විට රජයට බිලියන 15.9 ක පාඩුවක්  විදිමට  සිදුව ඇතැයි ගණන් බලා ඇති අතර  සැබෑ පාඩුව ගනන් බැලීම සඳහා වෝහාරික විගණනයක් කරණ ලෙස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කීහ .

 මීට අමතරව මෙම බදු අඩු කිරීමෙන්  රජයට සිදු වූ පාඩුව පිළිබව පාර්ලගිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බවද හර්ෂ ද සිලිවා මහතා කීය.

 ඊට පෙර මෙම බදු සංශෝදනය කරන ලෙසද රජයෙන්  ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.