සීනි කර්මාන්තය බිඳ දාන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ


(අංජුල මහික වීරරත්න)

විවිධ පාර්ශව සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය බිඳ වැට්ටවීමට රජය ඉඩ නොදෙන බව මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා පැවසීය.

අවංකව ක්‍රියාකරන සේවකයන්, ගොවීන්   රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 සීනි මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක්තොග අතර කිලෝග්‍රෑම්  170 කට ආසන්නයේ කළු ගලක් සොයාගැනීම සහ විවිධ පාර්ශ්ව විසින් නගන චෝදනා පිළිබඳව සොයා බැලීමට සෙවණගල සීනි කර්මාන්ත  ශාලාවට අද පැමිණි අවස්ථාවේදීය.