(දයාරත්න ඇමෝගම)
සිය කොමඩු වගාව ආරක්ෂා කර ගැනිම සදහා පැල් රකිමින් සිටි 65 හැවිරිදි ගොවියෙකු අට්ටාලයෙන් බිමට ඇද වැටි මෙන් එම ස්ථානයේම මිය ගොස් ඇතැයි සිවලාකුලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පැරකුම් මුරියාකඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි කපුරාලගේ දයානන්ද (65)නැමති සිවුදරු පියෙකි.
මුරියාකඩවල ප්‍රදේශයේ හේන් යායක වගා කොට තිබු කොමඩු වගාව වන අලියන් ගෙන් ආරක්ෂාකර ගැනිම සදහා මෙම ගොවියා පැල් රැකිම සදහා නිවසින් පිටත්ව ගියද ආපසු නොපැමිණිම නිසා ඔහුගේ ඥාතින් විසින් හේනට ගොස් සිදුකළ සොයා බැලිමේදි ඔහු ගසක් උඩ ඉදිකොට තිබු අට්ටාලයෙන් ඇද වැටි තිබු ඔහුගේ සිරුර ගස පාමුල තිබියදි සොයා ගත් බව පොලිසිය කියයි.

