(චන්ද්‍රසේන ගමගේ)
තමන් රතු කැකුළු සහල් කිලෝව රුපියල් 207 ගණනේ වෙළදසැල්වලට අළෙවි කළ ද බොහෝ වෙළදසල් අධික ලාබයත් තබා ගෙන එම සහල් රුපියල් 240 ට අළෙවි කළ බව බරවකුඹුකේ මධ්‍ය පරිමාන සහල් මෝල හිමිකරුවෙක් වන කේ .ඩබ්ලිවු. සමරසේකර මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ අද දහවල් බරවකුඹුකේ පිහිටි ඔහු ගේ සහල් මෝල පරීක්ෂ කිරීමට පැමිණි හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් හමුවේදීය.
එහිදී ඔහු වැඩි දුරටත් කිාය සිටියේ ඉතා අඩු මිල ගණන් යටතේ ලංකා සතොසට තමන් වසර ගණණාවක් තිස්සේ සහල් අළෙවි කරනවා. මේ වන විටද තමන් මෙම මාසය තුළදි රතු කැකුළු කිලෝ ලක්ෂ 08ක් පමණ ලංකා සතොසට අළෙවි කොට තිබෙනවා.
අද දින පරීක්ෂාවට ලක් කළ සහල් මෝල දෛනික වී කෙටීම පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 215 ගණනේ අළෙවි කරමින් සිටී.