සිල්ලර දේවල් වලට කමිටු එපා


 

 

 

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සිල්ලර  දේවල් වලට කමිටු පත් නොකරන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයාන්ත කරුණාතිලක  මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

ජයසේකර මහතාට එරෙහිව පත් කෙරුණු කමිටුවෙන්  ගයන්ත කරුණාතිලක  මහතා ඉල්ලා අස්වී ඇති බවට කතානායකවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු එම ඉල්ලීම කළේය.

මෙහිදී අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක  මහතා මෙසේ පැවසීය.

දයාසිරි ජයසේකර මහතාට එරෙහි කමිටුවට ඔබතුමා මාව පත් කළා. ඒ පෙත්සම  ගැන විභාග කරන්න. මේක නරක පූර්වාදර්ශයක් වේවි. ඔන්චිල්ලාව  ඒ පැත්තට ගියොත් මේ පැත්තටත් ඒවි. ඒ නිසා මේ වගේ සිල්ලර දේවල් වලට කමිටු පත් කරන්න එපා කියලා මම කිව්වා.

මම ඒ කමිටුවෙන් ඉල්ලා අස්වුණා. මීට ඉස්සෙල්ලා මනූෂ නානායක්කාරට  එරෙහිව  ඔය වගේ කමිටුවක්  පත් කෙරුණා.  අපි ඒ කමිටුවට  ගාල්ලේ ඉඳලා එනවා. කමිටුවට වෙච්ච දෙයක් නෑ. ඩයනා ගමගේ ඇමතිතුමියගෙ ක්‍රියා කලාපය සෙවීමට  පත් කෙරුණු කමිටුවට දෙපැත්තෙම  පැමිණිලි විභාග කරන්න අවසර දුන්නා.

එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරුත් ආණ්ඩුවේ එක්තරා මන්ත්‍රීවරයෙකුට විරුද්ධව පෙත්සමක් දීලා තියෙනවා. එතකොට ඒ සිද්ධිය විමර්ශන කරන්නෙත් මේ කමිටුවෙන්ද. වෙනත් කමිටුවක් දානවාද. මේ වගේ දේවල් අද ඊයේ දේවල් නොවෙයි. සිල්ලර  දේවල්. මේ අධිකරණ ඇමතිතුමාගේ ලොකු තාත්තාගෙන් ඇහුවනම් කියාවි.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා

කමිටුව පත් කළේ කටඋත්තරවල තියෙන බරපතළකම නිසයි.