සිරිපා වන්දනා සමය හෙටින් ඇරැඹෙයි


(අජිත්ලාල් ශාන්ත උදය සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)

සිරිපා වන්දනා වාරය හෙටට  යෙදෙන උඳුවප් පුරපොහොය දිනයෙන් ආරම්භ වෙයි.

පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සුමන සමන් දේව මන්දිරයේ විශේෂ කුටියේ තැන්පත් කර තිබූ සුමන සමන් දේවරූප, පූජා භාණ්ඩ මාර්ග හතරක් ඔස්සේ අද පෙරවරුවේ සිට 03 දා වැඩම කරවීම ආරම්භ විය.

සුමන සමන් දෙවියන්ගේ හදුම් දැවමය වසර සිය ගණනක් පැරණි පිළිමය ඊයේ  සවස විශේෂ ආරක්ෂිත කුටියෙන් එළියට වැඩම කරනු ලැබීය . ඊට ප්‍රථම පැල්මඩුල්ල නගරයේ සිට විශේෂ දේව පෙරහරක් ගල්පොත්තාවල විහාරස්ථානය ට පැමිණියේය. මහබඹා කෝළම, අලි ඇතුන්, ගරායක් නැටුම සහ ආලත්ති නැටුම් වලින් පෙරහර සමන්විත විය .

බුද්ධාභි වන්දනා පූජාව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි විසින් පවත්වනු ලැබීය .