සිරිපර කොට උස්සා පොලිසියට අසුවෙද්දී දුම්රියට පැනලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සිල්පර කොටයක් සොරාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන දුම්රිය සේවකයකු අත්අඩංගුවට යද්දී දුම්රියකට පැන  දිවි නසාගෙන ඇතැයි ගම්පොල මූලස්ථාන පොලීසිය පවසයි.

මරණකරු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි එම් .ජී .එස් .බණ්ඩාර කාංගර නැමැති අයෙකි.

ගම්පොල මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක උපාලි හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්කීරපනේ දුම්රිය හරස් මාර්ගය අසල දී යකඩ සිල්පර කොටයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරනවා දැක එම ත්‍රිරෝද රථය නතර කර ගෙන රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන පිටුපස අසුනේ වාඩිවී සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී  පලාගොස් තිබිණි යැයි පොලිසිය කියයි.

මෙසේ පලාගිය පුද්ගලයා ගම්පොල දුම්රිය ස්ථානයේ සිට මාතලේ බලා මාතලේ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට ගෙල තබා දී සියදිවි නසාගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අයකු බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී යැයිද පොලිසිය කීය.