සිරකරුවකු නමින් තැපෑලෙන් ආ පාර්සලයෙ කුඩු


(ඉන්දිකා රාමනායක)

අගුණකොලපැලැස්ස බන්ධනාගාරය සිරකරුවකුට තැපැල් මගින් එවා තිබූ පාර්සලයක තිබූ කලිසමක හෙරොයින් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම පාර්සලයේ තිබූ කලිසමේ වාටියක් තුළ සූක්ෂම ලෙස දමා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත.

එම කලිසමේ වාටියේ හෙරොයින් මිලිග්‍රෑම් 680 ක් තිබූ බව ද විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.