සිමෙන්ති ලොරිය ප්‍රපාතයට


(රංජිත් රාජපක්ෂ)

හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරියක් ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදී   මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව ගිලිගත්හේන පොලිසිය පැවසීය.

පුත්තලමේ සිට හැටන් දක්වා සිමෙන්ති ප්‍රවාහනය කර ආපසු ලොරි රථය පුත්තලම දක්වා ධාවනය කරවන අවස්ථාවේ පැවති අයහපත් කාලගුණය සහ මීදුම් තත්වය හමුවේ සහ ලොරි රථයේ දකුණු පස රෝදයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරාට සහ රිය සහයකයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති වූවත් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව ගිනිගත්හේන පොලිසි කීය.