සිනී නැතිව සතෝසේ කලබලයක්


(දෙනගම යසන්ත ආරියසේන)

වලස්මුල්ල සතෝස අලෙවි සලේ සීනි තොග අවසන් විමත් සමග කෝපයටපත් පාරිභෝගිකයන් පිරිසක් බලෙන් සතෝස ආයතනයට ඇතුළුවිම නිසා දැඩි නොසන්සුන්තාවයත් ඇති විය.

එය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය කැඳවීමට ද සිදුවිය.

වලස්මුල්ල සතොස ආයතනයයට සීනි කිලෝ ග්‍රෑම් දෙසීයක් ලැබි තිබුණු අතර එක් පාරිභෝගිකයකුට රුපියල් දෙසිය විසපහක මිලකට සීනි කිලෝ ග්‍රෑම් බැඟින් ලබාදිම සිදුකෙරිණි. සීනි මිලදි ගැනිම සදහා උදේ කාලයේ සිට පන්සියකට වැඩි පිරිසක් පෝලිමේ සිටි අතර බොහෝ පිරිසකට සීනි මිළදි ගැනීමට අවස්ථාව නොලැබිම නිසා කෝපයට පත් පාරිභෝගිකයින් දෙසීයක පමණ පිරිසක් සතොස ආයතනයට ඇතුල්වි කලහකාරි ලෙස හැසිරීම නිසා පොලීසිය මැදිහත්ව තත්වය පාලනය කලේය.