(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
මාස 11 සිගිති දැරියක අත දරාගෙන සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර 17 හැවිරිදි තරුණියක් ඇයගේ සැමියා සහ, තරුණියගේ පියා සහ තීරෝද රථ රියදුරුද වන බව පොලිසිය සඳහන් කරයි.
එම සැකකාරිය සහ සැකකරුවන් සමඟ රුපියල් 55,000 කට ආසන්න වටිනා කිරිපිටි වර්ග ,සුවඳ විලවුන් , ෂැම්පු බෝතල් ඇතුළු දේපල රැසක් සමග ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
තොරතුරකට අනුව රත්නපුර දෙස සිට පැමිණ මාර්ග බාධකය හරහා ඉංගිරිය දෙසට යාමට පැමිණි තීරෝද රථයක් නවතා එහි සිටි පුද්ගලයන් පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිසිය කියයි.