සිගරැට්ටුවක් ගණන් උස්සයි


(මහින්ද නිශ්ශංක)

සිගරට්ටුවක් රුපියල් තුනේ සිට රුපියල් 15 අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි .

මෙම මිල වැඩිවීම ඊයෙ (01) දින සිට ක්‍රියාත්මක වන අතර   කැප්ටන් වර්ගයේ සිගරැට් එකක මිල රුපියල් 3 කින් ද , බ්‍රිස්ටල් සහ ගෝල්ලීෆ් වර්ගවල සිගරට්ටුවක මිල රුපියල් 05 කින් ද .ඩන්හිල් සුවිච් සහ ඩන්හිල් ඩබල් සුවිච් වර්ග වල සිගරට් එකක මිල රුපියල් 10 කින් ද , ඩන්හිල් බ්ලුග්‍රේ සිගරැට් එකක මිල රුපියල් 15 කින් ද මිල වැඩි වී තිබෙන බව එම සමාගම පවසයි .

වැට් බද්ද සියයට 12 සිට 15% දක්වා වැඩිකිරීම හේතුවෙන් සිගරැට් මිල වැඩි වී ඇතැයි ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් පවසයි.