(අංජුල මහික වීරරත්න)
කේසර සිංහයෝ වගේ හෝ හිවලෙක් වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාට වැඩක් වෙන්නෙත් නැතැයි ද වැදගත්කම තිබෙන්නේ ජාත්‍යන්තරව ගොඩනගා ගත් සම්බන්ධතා ජාලයේ ශක්තිමත් භාවය මත යැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන අදාල සුදුසුකම් කොතරම් දුරට සාක්ෂාත් කර තිබෙනවාද යන කාරණයණය ලබා ගැනීමේදී ප්‍රධාන සාධකයක් බවත් පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්නට සමත් වුණේ නැති නිසා ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වැඳ වැටෙමින් ද යන්න සිද්ධවෙලා තිබෙන බවත් රංගෙ බණ්ඩාර මහතා කීය.
රටවල් කියන කොන්දේසිවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටත් වෙන්නේ නැතැයි ද එජාප මහලේකම්වරයා පැවසීය.
පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම්වරයා මෙි බව කීය.

