සිංගප්පූරුවේ නීතිය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

සිංගප්පූරු රජයේ නීතිය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද(06) සවස කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

ඒ මහතා සමඟ මාලදිවයිනේ උසස් නිලධාරීහු පස්දෙනෙක් ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.