සෑම අමාත්‍යාංශයකටම සේවක සබඳතා සහකාර ලේකම්වරයෙක්


(අජන්ත කුමාර අගලකඩ)

සෑම අමාත්‍යාංශයකටම වෘත්තීය සමිති හා සේවක සබදතා සඳහා සහකාර ලේකම්වරයකු බැගින් පත් කිරිමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

කාර්ය මණ්ඩල නියෝජිතයන් පරිපාලන කටයුතු සඳහා සහභාගී කර ගැනීමට සහ අමාත්‍යාංශවල හා ඒයටතේ ඇති ආයතනවල වෘත්තීය සමිති  සම්බන්ධීකරණ කටයුතු විධිමත් කර ගැනීම සඳහා මෙම නව තනතුර ඇති කෙරෙන අතර, එය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන තනතුරක් ලෙස ස්ථාපිත කෙරේ.