(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අධික වැසි සමඟ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් ගමන් කරමින් තිබූ දුම්රියක හැපීමෙන් වවුනියාව පොලිසියේ සැරයන්වරයකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
මෙම සැරයන්වරයා ඊරට්පෙරියකුලම්, වවුනියාව මාර්ගයේ නව ගම කිරිවෙහෙර ප්‍රදේශයේ තම නිවසට ගමන් කරමින් සිටිය දී ඊයේ (30) රාත්‍රී 7.45 ට පමණ මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.
සැරයන්වරයා නිවසට යන මාර්ගයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් අසලදී යතුරු පැදිය නවතා ගැනීමට තිරිංග තද කිරීමේදී එම අවස්ථාවේ පැවැති අධික වර්ෂාවත් සමඟ යතුරුපැදිය ලිස්සා ගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සැරයන්වරයා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.