
(ගයාන් සූරිය ආරච්චි)
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් පසු සැමියා විසින් එල්ල කළ පොලු පහරකින් බිරිය මියගොස් ඇතිි බව හෙට්ටිපොල පොලිසිය පවසයි.
පහරදීමකින් කාන්තාවක් මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත හෙට්ටිපොළ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබුණි.
එහිදී මිය ගොස් ඇත්තේ හඩුපිටිය, උඩවෙලවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

