
( බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සැමියා අහිමිව දරුවන් සමග ජීවන සටනේ යෙදෙන මව්වරුන් සොයා ගොස් ඔවුන්ට ආර්ථිකමය ශක්තියක් ලබාදීම දීමේ මා හැඟි සත්කාරයක 2021 විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය බණ්ඩාරගම ප්‍රදේශයේ දී ඊයේ (15) නිරත වූවාය.
තම සමීප ඥාතීන් හා මිතුරියන් කීපදෙනෙකු සමග පුරා පැය තුනකට ආසන්න කාලයක් බණ්ඩාරගම- බද්දේ ගොඩ, රඹුක්කන හා ගැලනිගම ප්‍රදේශවල සංචාරය කරමින් දරුවන් සමඟ අසරණව දිවි ගෙවන මව්වරුන් වෙත හාල්, පිටි, සීනි, පරිප්පු තුන පහ සහ දරුවන්ට අවශ්‍ය ටොපි චොකලට් වලින් ද සමන්විත රුපියල් දස දහසකට ආසන්න වටිනා වියළි ආහාර අඩංගු පාර්සල් ලබා දීමට ඇය කටයුතු කළාය.
පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමඟ ඇයගේ පුතු මෙන්ම සමීප ඥාතීන් මෙන්ම මිතුරියන් කිහිප දෙනෙක් ද මෙම සත්කාරයට එක්වූහ.
( මේ පිළිබඳ අදහස් දැක්වූ විවහක රූ රැජින පුෂ්පිකා සිල්වා මහත්මිය මෙසේ පැවසුවාය )
කොරෝනා වසංගතයෙන් බැට කෑමෙන් අනතුරුව සැමියා අහිමිව දරුවන් සමඟ ජීවන සටන ගෙනියන මව්වරුන්ට උදාවන අලුත් අවුරුද්දේ යම් තරමක අස්වැසිල්ලක් ලබා දීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක්.
එම මව්වරුන්ගේ හදවත් වලින් දුක වේදනාව දෝරේ ගලනවා සේම, ආදරයද දෝරේ ගලන බව නිසැකය . එවන් හදවත් තුළින් දිනාගන්නා ආදරය, ඒ වගේම ආශිර්වාදය අද වගේම හෙට දවසේ මා ලබන ලොකුම සතුට වගේම, ශක්තියයි
මේ සමාජයට දෙන පණිවිඩය තමයි ඔබට හැකි පමණින් අන් අයට දෙන්න ,ඔබ මේ විශ්වයට දෙන දෙ, විශ්වයෙන් ඔබට ආපසු ලැබේවි එය ඒකාන්තයි.




