සැප රටක සැප ගන්න කොමසාරිස්වරියක් ගැන ජනපතිට කියලා


(රංජන් කස්තුරි)

යුරෝපයේ ධනවත් රටක සේවය කරන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියක් රාජ්‍ය මුදල් හා දේපොළ අවභාවිත කරමින් කටයුතු කරන බවට එම තානාපති කාර්යලයේ නිලධාරීහු චෝදනා කරති.

ශ්‍රී ලංකාවේ සිට ගෘහ සේවකයන් පස් දෙනකු එරටට ගෙන්වා ගැනීමට රාජයේ මුදල් වැය කිරීම, සුඛෝප භෝගී නිල නිවසේ අවභාවිත කරමින්  යාළු මිත්‍රාදීන් එහි නතර කරවා ගැනීම,  තානපතිවරයකුට එක් ස්ථානයක සේවය කළ හැකි වසර තුනක කාලයක් පමණක්ය යන රීතිය උල්ලංඝනය කරමින් වසර හතරක් තිස්සේ රැඳී සිටීම වැනි චෝදනා  රැසක් මහ කොමසාරිස්වරියට  එල්ල වී ඇතැයි ද එම නිලධාරන් ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායකවරයා ඇතුළු වගකිවයුත්තන්ට එවා ඇති ලිපියක සඳහන් වේ.