
(දිනේෂ් උපේන්ද්‍ර)
හෙරොයින් සම්බන්ධිත නඩුකර 4ක් සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර නිරෝධායන රෙගුලාසි මත කුලියාපිටිය බන්ධනාගාර රැඳවුම් ඒකකයේ රඳවාසිටි සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.
කුලියාපිටිය පොලිස් වසමේ කඹුරාපොල, ගල්පොල කටුපොත පොලිස් වසමේ අලහිටියාව හා පන්නල පොලිස් වසමේ නාරංගොඩ ආදී ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුවන් රැඳවුම් භාරයේ සිටියදී වහලය ගලවාගෙන සිකුරාදා(04) පස්වරුවේදී පැනගොස් ඇති බවට මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව ඇත.
තවත් වැරදි සඳහා සැකපිට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියන් 60 දෙනෙකු සිට ඇති අතර එම සියලු සැකකරුවන් මේ දක්වා රැඳවුම් කාමර තුළ රැඳී සිටින බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
මේ වනවිට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක්ද සැකකරුවන් සොයා පරීක්‍ෂණ අරඹා ඇතිබවද වාර්තාවේ.

