( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අත් අඩංගුවට ගත් සැකකරුවෙකු අත් විලංගුවද සමඟ පලා ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
මෙලෙස පලා ගොස් ඇත්තේ සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට. පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත් අඩංගුවට ගෙන සිර මැදිරියට යාබද භාවිතාවට නොගන්නා සිර මැදිරිය අසල වාඩි කර , සැකකරුගේ එක් අතකට හා සිර මැදිරියෙහි යකඩ කූරකට අත් විලංගු දමා රඳවා තබා තිබියදී මෙලෙස පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.