සාෆිට විරෝධය පා කුරුණෑගල උද්ඝෝෂණයක්


(පුෂ්පකුමාර ජයරත්න )

වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට සහ තවත් සිද්ධීන් කීපයකටම විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් අපේ ජනබල පක්ෂයේ මෙහෙයවීමෙන් අද (11) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.

අපේ ජනබල පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතාගේ මෙහෙයවීමෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් හඬ නගා විරෝධතා පාඨ කියමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදී.

සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධ වඳසැත්කම් සිද්ධිය, රණවිරුවන් සිරගත කර සිටීම,වනාන්තර විනාශය, විශ්‍රාම වැටුප් විෂමතාවය ආදි කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.