(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මේ මස 23 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයේ සහ පස්වරු 6.00 න් පසුව විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය.
එළඹෙන සති අන්තයේ (21 සහ 22) සහ මේ මස 29 වැනිදා පස්වරු 6.00 න් පසුව විදුලිය කප්පාදු නොකරන ලෙස ද ඉල්ලා සිටි බව කී ජනක රත්නායක මහතා මෙම කරුණ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද ඒ මහතා සඳහන් කළේය.
විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය සැපයීමට ඉන්ධන මෙට්‍රිත්ටොන් 10,000 ක් අවශ්‍ය බවත් එම ඉන්ධන ප්‍රමාණය ලබන 22 වැනිදාට පෙර ලබාදෙන ලෙස රජයට සහ ඛනිජ තෙල් සංස්ථාවට දැනුම්දී ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් කීය.