ස්වීඩනයේ දී කුරාණය ගිනි ලෑම ජනපති හෙලා දකී


(අංජුල මහික වීරරත්න)

ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එවැනි ක්‍රියා ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.