
යුරෝපයේ වෙසෙන එරට තරුණ ප්‍රජාව මේ වන විට බුද්ධ දර්ශනය ගවේෂණයට එක්වන ප්‍රමණතව එන්න එන්න වැඩි බව යුරෝපයේ ධර්ම ප්‍රචාරයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.
ඒහි පස්සිකෝ හෙවත් එව බලව යන බුදු වදනේ අර්ථය පණ ගන්වමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙබ්ස්ටර් සරසවියේ සිසුහු පිරිසක් බුද්ධ දර්ශනය පිළිබඳ ගවේෂණයක යෙදීමට ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ පැමිණියහ.
විහාරාධිපති සහ ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික හිමියෝ එම සිසුන් පිළිගෙන ධර්ම කරුණු ගෙන හැර දක්වමින් විශේෂ ධර්ම දේශනයක් පැවැත් වූහ.


