ස්මාර්ට් බස් නැවතුම ජනතා අයිතියට


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා ඉදිකිරීමට නියමිත "සුහුරු (SMART) බස් නැවතුම්පොළ ව්‍යාපෘතියේ පළමු බස් නැවතුම විවෘත කිරීම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජගිරිය ප්‍රදේශයේ දී අද (25) සිදු කෙරිණ.

නොමිලේ වයි-ෆයි පහසුකම, රූපවාහිනි නැරඹීමේ හැකියාව ,ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම , 24 පැය පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක කැමරා පද්ධතියක් සහිත වීම ඇතුළු පහසුකම් රැසකින් මෙම බස්නැවතුම්පොළ සමන්විත වේ.

මේ යටතේ බස් නැවතුම්පොළ 3000ක් ඉදිකිරීමට නියමිතය.