ස්පුටිනික් එන්නත් ලක්ෂ හැත්තෑවක් ගේන්න අනුමැතිය


(අජන්ත කුමාර අගලකඩ)

රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් V කෝවිඩ් මර්දන එන්නත ලක්ෂ 70ක් ගෙන්වීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි හතක පමණ මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කරන ලද කැබිනට් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදියර කීපයක් යටතේ රුසියාවෙන් ආනයනය කෙරෙනු ඇත.