ස්ථිර පත්විම් නොමැති සමෘද්ධි නිලධාරීන් ස්තීර කිරීමට යයි




              ( නාලක සංජීව දහනායක)


උතුරු නැගෙනහිර පළාත ඇතුළුව දිවයින පුරා ස්ථීර පත්වීම් නොමැතිව සේවය කරනු ලබන සමෘද්ධි නිළධාරීන් 14,000 වැඩි පිරිසක් ස්ථීර කිරීමට ක‍්‍රියාකරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.


ඒ අනුව ඉදිරි සතියේදී මෙම පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී අදාළ නිළධාරින්ට උපදෙස් දුන්හ.


සමෘද්ධි ව්‍යාපාරයට අයත් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එමෙන්ම මෙම තනතුරුවල යෙදී සිටියදී මරණයට පත්වන සේවක සේවිකාවන්ට විධිමත් පත්වීම් නොලැබීම සිදුවන අසාධාරණය වළක්වා එම පවුල්වලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරින්ට උපදෙස් දුන්නේය.