(ඉන්දිකා රාමනායක)
ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට අධිකරණය මගහැර සිටීම නිසා රත්නපුර මහධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
මෙලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර වෙරළුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි
රත්නපුර මහධිකරණයේ විභාග වන ස්ති‍්‍ර දුෂණ නඩුවේ මෙම සැකකරු ප‍්‍රධාන සැකකරු බවත්,මොහු අධිකරණය මග හැරමින් මාස 2 ට අධික කාලයක් අරගල භූමියේ සැගව සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.