සෆාරි උද්‍යානයේ අධ්‍යක්ෂවරයකුටත් සේවකයන් 11කටත් කොරෝනා


(සුජිත් හේවාජුලිගේ )

අම්බලන්තොට සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂවරයකු ඇතුළු එහි සේවකයන් 12 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

මේ පිරිසට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනාගැනීමෙන් පසුව සෆාරි උද්‍යානය වසා දැමූ බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සත්වෝද්‍යාන වසා දැමීමෙන් ආදායම අහිමි වීම නිසා ඒවායේ සතුන්ට කෑම බීම සැපයීම පවා දුෂ්කර වී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් විවිධ දුෂ්කරතා මැද කෑම බීම සැපයීම කරගෙන යන බවද විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

සත්වෝද්‍යානවල සතුන්ට කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සුදුසු සියලුම ක්‍රියාමාර්ග ගන්නැයි තමා ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දුන් බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.