(ජේ.ඉඳුරුවගේ)
දැනට ප්රතිව්යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහල් සැකසීමේ සංකීර්ණ දෙක නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
වසර 18 තිස්සේ ඌන උපයෝජිතව පැවති මෙම සංකීර්ණ දෙක නිෂ්කාර්ය තත්වයට පත්වී තිබීම පිළිබඳව ඉකුත් වසරේ අගෝස්තු 20 සිදුකළ විගණන නිරීක්ෂණයේදී හෙළිවූ බව සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ගනුදෙනු පිළිබඳව 2023 වසරට අදාළව නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්වේ.
සංස්ථාවේ සියලු සේවකයන් අනිවාර්ය විශ්රාම ගැන්වීම නිසා එයට අදාළ විස්තරාත්මක තොරතුරු සොයාගත නොහැකි බව එම සංස්ථාවේ කළමනාකාරිත්වය මගින් විගණනයට දන්වා ඇත.