(ජේ.කේ.එල්. චාමින්ද)
රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් විකිණීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා කල්ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙළදුන් 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මැයි මස 01 වැනිදා සිට 18 වැනිදින දක්වා කාලය තුළදී මෙම වැටලීම් සිදුකළ බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවිකරන වෙළඳුන් සොයා ඉදිරියේ දී ගාල්ල දිස්ත්‍රික්කය තුළ දිගින් දිගටම වැටලීම් සිදුකරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.