සහල් කිලෝවක් 100ට දෙන්න එතෙරින් සහල් ගෙන්නයි


(අජන්ත කුමාර අගලකඩ)

වෙළඳපොලේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (21) රාත්‍රියේ තීරණය කළේය .

වෙළඳ ,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි .

වෙළඳපොළේ මේ දිනවල සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම සහල් තොගය වහාම ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .

ආනයනය කරනු ලබන සහල් සතොස සහ සමුපකාර වෙළඳ සැල් හරහා කිලෝව රුපියල් 100 ට අඩුවෙන් ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය .