(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සහන ලැබිය යුතු කණ්ඩායම්වලට විදුලි බිල ගෙවීමේදී සහන ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විවාදයක් ලබන 29 වෙනිදා ලබාදීමට තීරණය කර ඇති බවත් ඊට අමතරව සංශෝධන අයවැයද න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බවත් සභානායකවරයා සඳහන් කළේය.
එම යෝජනාව ලබන 30,31,1,2 දින වල සාකච්ඡා කෙරෙන හෙයින් එහිදී සහන ලැබිය යුතු කණ්ඩායම් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

