
(අංජුල මහික වීරරත්න)
නිවාස පිරිසිදු කර ගැනීම සඳහා වන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට අදාල රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ජනතාවට දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර අතර එහිදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.
එමෙන්ම නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපායමාර්ග යළි ගොඩනැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී සවිස්තරාත්මකව විමසා බැලිණි.

