(අංජුල මහික වීරරත්න)
මොන වෘත්තීය කළත් මොන සහතිකය ගත්තත් සමාජයට වැදගත්ම දේ මනුස්සයෙක් වෙලා ඉන්න එක බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසීය.
දක්ෂතාවය,නිපුණතාවය සහිත මානවීය ගුණාංග වලින් හෙබි තාරුණ්‍යයක් නිර්මාණය කරගත යුතු බව ද අමාත්‍යවරයා කීය.
ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් පුහුණු මධ්‍යස්ථාන 10 ක සාර්ථක ලෙස පාඨමාලාව අවසන් කළ සහතික පත්‍රලාභී සිසුන් 1217 දෙනකුට NVQ level 4, NVQ level 5 සහ ඩිප්ලෝමා සහතික පත්‍ර ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙය පැවැත්විණි.
පොහොසත් රටක් නිර්මාණය කිරීමට වෘත්තීය දක්ෂතාවයෙන්, නිපුණතාවයෙන් යුක්ත මෙන්ම මානවීය ගුණාංග වලින් හෙබි යහපත් සංවේදී තාරුණ්‍ය ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.