සරසවි හතක ’’හොස්ටල්’’ නැතුව දරුවෝ අමාරුවේ


(සුජිත් හේවාජුලිගේ)

රජයේ විශ්ව විද්‍යාල 17න් හරි අඩකම ශිෂ්‍ය නේවාසිකාගාර ගැටළුව බරපතළ තැනකට පැමිණීමෙන් ඒවායේ සිසු සිසුවියෝ දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

සබරගමුව, රජරට, වවුනියාව හා සෞන්දර්ය විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර  ගැටළුව ඉතා තදින්ම පවතින බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ  ප්‍රමුඛ කාර්යවී ඇති බවයි.

විශ්ව විද්‍යාල අවට  අතහැර දමා ඇති ගොඩනැගිලි ශිෂ්‍ය නේවාසිකාගාර සඳහා ලබා ගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්  නිර්දේශ එවන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මාර්ගයෙන් සියලුම විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන්ට දැනුම් දී ඇතැයිද   සඳහන් කළේය

මෙයට අමතරව පෞද්ගලික අංශයට ණය මුදල් ලබාදී  නේවාසිකාගාර  ඉදි කිරීමේ වැඩපිළිවෙළක්ද අරඹා ඇතැයි මධුර සෙනෙවිරත්න මහතා  කීවේය.