(ප්‍රින්ස් රත්නායක)
විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් ආරම්භ කර තිබූ සේවක වර්ජනය තාවකාලිකව අවසන් කළ බව විශ්ව විද්‍යාල විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.
අද ( 11 ) පස්වරුවේ උසස් අධ්‍යාපන ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙනුවෙන් උපසභාපති මහාචාර්ය ඊ. එස්.එම්. ගුණරත්න මහතා සමඟ වැටුප් කොමිෂන් සභා සංශෝධිත නිර්දේශ අද සිට මසක් ඇතුළත දී ක්‍රියාත්මක කිරීමට එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව මෙම විශ්වවිද්‍යාල සේවක වර්ජනය අවසන් කරනු ලැබීය .
ජනාධිපතිවරයා සමඟ 10 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී එම කැබිනට් තීරණ මසක් තුළ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබිණි. මෙම වර්ජනය හේතුවෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය මාසයක කාලයක් අකර්මන්‍යව තිබිණි.

