(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන් අය කරගැනීමට තිබූ රුපියල් නව කෝටි විසි දෙලක්ෂයකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසය වන තුරුම මෙම මුදල අය කරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.