
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙලේවැව සමෘද්ධි බැංකුවේ ලක්ෂ බැංකු ශාඛාවේ ලක්ෂ 450 කට අධික මුදලක් වංචා කළැයි කියන එම බැංකුවේ ප්‍රධාන කලමනාකරු, මුල්‍ය අයකැමි ඇතුළ හය දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂ පටබැදිගේ මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ වෙලේවැව සමෘද්ධි බැංකුවේ කළමණාකරු වන ටි.එම්.සෝමාවති (55) සහකාර කළමණාකරු ඩි.එම් .සමන්සිරි (47) මුදල් අයකැමි එස්.එම්.චමිලා නිලන්ති (53) මුදල් අයකැමි කේ.එච්.එම්.චිත්‍රාවති (60) ගිණුම් ලිපිකරු ඩබ්ලියු. දිමුතු ධනංජය, සහකාර කළමණාකරු එස්.ජී.ශ්‍රීයානන්ද යන එම බැංකු ශාඛාවේ සේවය කළ හය දෙනෙකී.
අදාල සැකකරුවන් විසින් 2018, 2019,2020, සහ 2021 යන වසර වලදී එම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන් විසින් තැම්පත් කර තිබු මුදල් හා ගිණුම් ලාභින් නමට කූඨ ලේඛණ සකසා ණය ලබා ගනිමින් බැංකුවට රුපියල් 45,356,506,00 (හාර කෝටි පනස් තුන් ලක්ෂ හයදාස් පන්සිය හයක මුදලක් සිතා මතා මංචා කිරීමේ චෝදනාවක් එල්ල වී තිබේ.
අදාල සැකකරුවන් විසින් අදාල බැංකු ශාඛවේ ගිණුම් ලාභින්ගේ තැම්පතු මුදල් වංචනික ලෙස ලබා ගෙන බැංකු ශාඛාවේ ගිණුම් ලේඛණ වලින් සුක්ෂම ලෙස ඉවත් කිරීම හා ගිණුම් හිමියන්ගෙ නමට ණය ලබා ගැනිමට සම්බන්ධව අවස්ථා කිපයකදී ගිණුම් හිමියන් විසින් බැංකු ශාඛාව ඉදිරිපිටදි විරෝධතා පවා සංවිධානය කර තිබුනී.
කෙසේ වෙතත් අදාල සිද්දිය සම්බන්ධව මෙම බැංකු ශාඛාවේ පාලක මණ්ඩල සභාපතිවරයා විසින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිනිල්ලට අනුව අදාල සිදුකල දිර්ඝ විමර්ශනයකින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත් අඩංගුවට ගත්තේය.

