
(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රජා මූල බැංකු දිස්ත්‍රික් කාර්යාල හා බැංකු මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා සේවක පාරිභෝගික ණය, සේවක නිවාස ණය, විශේෂ සේවක ණය හා විශේෂ අපදා ණය වශයෙන් ලබාදී තිබූ රුපියල් කෝටි 1290 ක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම ණය මුදලින් රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් බොල් ණය ලෙස කපා හැර ඇතැයිද එහි දැක්වේ.
මේ අතර දෙපාර්තමේන්තුවේ මුදල් අංශය යටතේ ඇති සේවක ණය චක්‍රීය අරමුදලේ 2024 දෙසැම්බර් 31 වනවිට රුපියල් පන්කෝටියට ආසන්න මුදලක් පැවති නමුත් 2020 වසරේ සිට මෙම ක්‍රමය අත්හිටුවා තිබූ බව පැවසේ. මේ අතර සේවකයන්ගෙන් රැස් කර ගන්නා මුදලින් රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් භාණ්ඩාගාරයට ප්‍රේෂණය කර තිබූ බව පවසන විගණන වාර්තාව 2017 සිට 2024 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රකාශ සකස් සකස් කර විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද සඳහන් කළේය
මේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන සකස් කර විගණනයට ඉදිරිපත් කළ යුතු බව විගණන කාර්යාලය එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
මෙම වාර්තාව ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

