සමෘද්ධියේ කෝටි 5360ක් පිට වැඩවලට දීලා


(සුජිත් හේවාජුලිගේ)

සමෘද්ධිලාභීන්ගේ අනිවාර්යය ඉතුරුම් ගිණුම්වල සහ  එහි අරමුදල් වල  පැවැති  කෝටි 5360ක මුදලක්  රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මින් රුපියල් කෝටි 270ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන්  තවදුරටත් අයවිය යුතු බවද  එහි දැක්වේ

මේ අතර එම හිඟ මුදල් වහා නිරවුල් කරන ලෙස  විගණන කාර්යාලය අදාල නිලධාරීන්ට   නිර්දේශ කර ඇත.