
(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ලබන වසරේ සිට විගණකාධිපතිවරයාට පවරා ඇත.
සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇත. ඊට පිළිතුරු ලබාදෙමින් වැඩබලන විගණකාධිපතිවරයා පැවසුවේ එම කටයුතු සඳහා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව සියයට 10 ත් අතර 15ත් අතර අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බවයි
ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කෙරෙන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මකවේ. ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නවාද නැත්නම් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය සිදු කරන්නේ ද යන්න තීරණය කරන බව ඔහු පැවසීය.

