(විනීතා එම් ගමගේ)
සමෘද්ධිලාභීන්ට ගෙවනු ලබන මුදල් අත්තිකාරමේ මුදල් කොටස වශයෙන් රුපියල් 5 000 ක් ගෙවා අවසන් යැයි සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඉදිරි සතියේ දී ඉතිරි රුපියල් 5 000 ගෙවනු ලබන බව ද එම නිලධාරියා කියා සිටියේය.
මේ අතර සමෘද්ධිලාභීන් සදහා රුපියල් 1000 ක් වටිනා බඩු මල්ලක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවත් සමුපකාර සමිති හරහා ලබාදීමට සැළසුම් කර ඇති බවත් හෙතෙම සදහන් කළේය.

