IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගංවතුර අස්සේ උසාවියෙන් යතුරු පැදි ඉස්සූ හතරක් මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර උසාවි සංකීර්ණය ජල ගැල්මට අසුව  යට වූ අවස්ථාවේදී  නඩු භාණ්ඩ වශයෙන් රඳවාගෙන තිබූ අධිබලැති යතුරුපැදි දෙකක් සොරකම් කළ බව කියන තරුණයන් සිව් දෙනකු එම යතුරුපැදි ද සමග  අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.

ඉකුත් දෙසැම්බර් මස 27 වැනි දින කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු මහනුවර උසාවි සංකීර්ණය ද ඇතුළුව එම ප්‍රදේශය ජලයෙන් යට වූ අතර එම අවස්ථාවේදී උසාවි සංකීර්ණයේ පිටුපස කොටසේ නවතා තිබූ මෙරට ධාවනය කිරීමට අවසර නොමැති  අශ්ව බල 1000 සහ අශ්ව බල 600 අධිබලැති නවීන යතුරු පැදි 02  වාහනයක පටවාගෙන රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

උසාවි රෙජිස්ට්‍රාර්වරයා මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට  කළ පැමිණිල්ලක් අනුව  විමර්ශන සිදුකළ  අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනකු මහනුවර, ගැටඹේ කිරිබත්කුඹුර සහ මාවනැල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

ගංවතුර අස්සේ උසාවියෙන් යතුරු පැදි ඉස්සූ හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site