සමූපාකාර පරීක්ෂකවරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා


(රන්ජන් කටුගම්පොළ)

1977 වසරෙන් පසු සේවයට බඳවා ගත් වසර 15 ක සේවා කාලයක් ඇති සමූපකාර පරික්ෂකවරුන් සුළු පිරිසකට පමණක් උසස් වීම් ලබාදීමෙන් අනිකුත් සමූපාකාර පරීක්ෂකවරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම සම්බන්ධව අසාධාරණයට ලක්වූ සමූපාකාර පරීක්ෂකවරුන්ට සහනයක් සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නියෝග කෙරින.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ  තීන්දු කළේ බාලසූරිය ආරච්චිගේ චන්ද්‍රදාස මහතා ඇතුළු සමූපාකාර පරීක්ෂකවරුන් 150 දෙනෙක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

සමූපාකාර පරීක්ෂකවරුන් පිරිසක් පමණක් ඉහළ වැටුප් තලයක පිහිටුවීමේ තාර්කික පදනමක් නොමැති බවත් එමගින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් පවසා ඇත,

මෙම පෙත්සමේ තීන්දුව ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරින.

පෙත්සම්කරු වෙනුවෙන් අචාර්ය ජනධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂ් ගොපල්ලව මහතා පෙනී සිටියේය.