(ජේ.කේ.එල්. චාමින්ද)
සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනකු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
විවෘත වෙළදපොළ මිල ගණන් කැදවිම් මගින් 2023 වර්ෂයේ නොවැම්බර් මස සිට 2024 වර්ෂයේ ජනවාරි මස දක්වා කාලය තුලදි මෙකි ලොරි රථ විකුණා ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.
ලොරි රථ විකිණිමෙන් රුපියල් දහඅටකෝටි, තිස්නමලක්ෂ, අසුපන්දහස්, එකසියහතලිස්නමයක මුදලක් ලබාගෙන ඇත.