සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අසේල බී. රැකව මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ඇතිව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.
ප්‍රකට නීතිඥ යුවළක් වන ආරිය බී. රැකව සහ එල්සී රැකව දෙපළගේ පුත්‍රයා වන අසේල බී. රැකව මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හදාරා වසර 2000දී නීතිඥ වෘත්තියට පිවිසි ඔහු මේ වනවිට පශ්චාත් උපාධියට සූදානම් වෙමින් සිටියි. නීතිඥයෙකු ලෙස මෙන්ම නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරියෙකු ලෙසද නමක් දිනා සිටින ඔහු ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

